පරීක්‍ෂණයකට යටත්ව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ රැදවියන්ට පිටතින් ආහාර සහ අමුත්තන් බැලීම තාවකාලිකව නතර කර තිබූ තීරණයට පටහැනිව අධිකාරිවරයා විසින් සිරකරුවෙකුට පිටතින් ආහාර ලබාදීමට නිලධාරීන්ට අනුබල දී තිබුණු බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ පිළිඹදව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියමයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් පරීක්‍ෂණයක්ද ආරම්භ කළා. එම පරීක්ෂණ වලින් අනතුරුව මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, බන්ධනාගාර පුහුණු පාසලේ අධිකාරීවරයා ලෙස ස්ථාන මාරුකිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ.