මහරගම හා හෝමාගම අවට අද ජල කප්පාදුවක්

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) උදෑසන 9 සිට පසුදින උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රැක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *