මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන

“අනේ යනවා ඕයි යන්න , බම්බුව, රෙද්ද අස්සෙ රිංගනවා ” යැයි මහා හඩින් මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු වන්දනා කිරීම සඳහා රැස්ව සිටි සැදැහැවතුන් දහසක් දෙනා ඉදිරිපිටදී පොලිස් නිලධාරියකු විසින් යුද හමුදා පොලිසියේ නිලධාරියකුට බැන වදින වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු වීමෙන්අනතුරුව ඔහුගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් එක භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම විමර්ශනවලදී අනාවරණය කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාත්මාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *