මහනුවර නේවාසික පුද්ගලික පාසලක් වටලයි

මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද පොලීසිය විසින් වටලා තිබේ.

ඒ මහනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයකි.

එම අවස්ථාවේ එහි සිසුසිසුවියන් 50ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී එහි සිටි සිසුවියකට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ බවද අනාවරණ වී ඇත.

ඒ අනුව සිසුන් සහ සේවකයින් දින 14ක් එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි.

කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *