මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය වූ බව කී මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් ජනතාවට වගකියන ආයතනයක් ලෙස මහජන උපයෝගීතා කොමිස ඊට අවධානය යොමු කළ යුතු බව පැවසීය.

විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවක් හෙළි වී ඇතැයි ද  බලාගාරවල  ස්ථාවර ගාස්තු අසීමාන්තිකව වැඩි කර ඇති අතර විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන්ට ගණිතය පිළිබඳ නිවැරදි වැටහීමක් පවතින බව රණවක මහතා සඳහන් කළේය. එහෙත් එම දැනුම භාවිත කරමින් වංචනික ක්‍රියාවල නිරතවීමට පෙළඹ ඇතැයි චෝදනා නැගෙන බවත්  එවැනි තත්වයකදී නිවැරදි තත්ත්වය පිළිබඳ  අවබෝධ කරගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *