මරණීය දණ්ඩනා හිමි වූ 253කගේ දඬුවම් ලිහිල් වෙයිද?

මරණීය දණ්ඩනය හිමිවී සිටින සිරකරුවන් 253 දෙනකුගේ දඬුවම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඊට අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට යොමුකර ඇති බවය.

එහිදී, “ඒ ඉල්ලීම අපි අධිකරණ ඇමතිතුමාට යොමු කරලා තියෙනවා. මරණ දඬුවම හිමිවී සිටින සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම දෙන්න කියලා අපි ඒ ඉල්ලීම කළා. බන්ධනාගාරගත වන රැඳවියෙක් නැවත සමාජගත කරනකොට සමාජයට වැඩක් කරන්න පුළුවන් යහපත් පුරවැසියෙක් කරලා එළියට දාන්න තමයි අපේ බලාපොරොත්තුව,” යනුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *