මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්
එසේම එම අධිවේගී මාර්ගයේ පළමු හා තෙවැනි කොටසේ ඉදිකිරීම්ද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.