මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ සීගිරි දඹුලු චාරිකාවක නිරතවූ පිරිසක් අතරින් එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණ වලදී චාරිකාවට සහභාගී වූ පුද්ගලයින් 22 ක් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
එමෙන්ම මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම කර්මාන්ත පුරයේ තුනී ලෑලි නිපදවීමේ ආයතනයක 75 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. ඒ අතර ඉන්දියන් ජාතිකයෙක්ද ඇතුලත්. එම ආයතනයේ සියලු සේවකයින් ආයතනය තුළදීම නිරෝධායනයට යොමු කර ඇති අතර ආසාදිතයින් රෝහල් ගතකර තිබේ.