මත්පැන් හා දුම්වැටි මිලේ වෙනසක්

මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කරයි.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබේ.

මිලිලීටර් 375 සහ මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇත.

මේ අතර, සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *