ජනවාරි 1 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 18කින් ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් මිල රුපියල් 90ත් 150ත් අතර ඉහළ යනු ඇතැයි මත්පැන් සමාගම් ප්‍රකාශ කළේය.
එතනෝල්, හිස් මත්පැන් බෝතල්, මත්පැන් ලේබල්, කැප් සහ නිෂ්පාදිත මත්පැන් අඩංගු බෝතල් සඳහා වැට් බද්ද එකතු කිරීම ඊට හේතුව බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
ඒ අනුව දැනට අලෙවි වන රුපියල් 3260ක් වන අරක්කු බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යා හැකි අතර නව මිල රුපියල් 3350ක් වනු ඇත.
කෙසේ වෙතත් රජයේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වසරේ අවස්ථා දෙකකදී මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමා තිබෙනවා.