හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළ හෝටල් දෙකක් ඉදිකර පවත්වාගෙන යාම සඳහා ඉඩම් කැබලි දෙකක් පිරිනැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මත්තල ගුවන්තොටුපළ පිහිටි හම්බන්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වුවද දැනට ක්‍රියාත්මක වන්නේ හෝටල් කිහිපයක් පමණක් බව රජය ප්‍රකාශ කළේය.
ගුවන් තොටුපළට යාබදව තරු 04 පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීමෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම වාසිදායක බව නිරීක්ෂණය වී ඇත.
ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලේ දකුණු පස ඇති ඉඩම් කැබලි දෙකක් ඒ සඳහා සුදුසු බවට හඳුනාගෙන ඇති බව රජය පවසයි.
ඒ අනුව යෝජිත හෝටල් 02 ඉදිකිරීම සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.