සංචාරකයින්හට මඩොල්සිම පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම තාවකාලිකව තහනම් කර ඇති බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පවසයි.
මෙහි කූඩාරම් ඉදිකිරීමේ ඇති අනාරක්ෂිත බව හා කූඩාරම් ඉදිකළ පිරිසක් අතුරින් එක් අයකු ප්‍රපාතයට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමත් නිසා මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.
එමෙන්ම කූඩාරම් ඉදිකිරීම නිසා අනතුරු මෙන්ම සිදුවන පාරිසරික හානියද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. එබැවින් ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකිරීමට පියවරගෙන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකිරීම ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනම් කර ඇත.