මක්කම වන්දනා කරුවන්ට රජයේ මැදිහත්වීමෙන් සහන පැකේජයක්

මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.

හජ් වන්දනා සමයේදී රුපියල් ලක්ෂ 8ක් ඉක්මවන අධික මුදලක් පුද්ගලික සංචාරක සංවිධානය කරන්නන් අය කිරීම මගින් මුස්ලිම් බැතිමතුන්ට ඇතිවෙන අපහසුතාවෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 8ක් වූ මිල අධික පැකේජයක් වෙනුවට ලක්ෂ 5ක් වැනි සහන මිලකට අංග සම්පූර්ණ පැකේජයක් සමග මක්කම සංචාරය කිරීමේ අවස්ථාව මෙවර ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමි වන බව හජ් වන්දනා කමිටුව ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *