භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව උඳු, මුංඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී යටත් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා ඇත.
උඳු කිලෝවකට මේ දක්වා අයකළ රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, කව්පි, කුරක්කන් සහ මිලට් ආනයනයේදී කිලෝවකට අයකළ රුපියල් 70 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, ඉහළ නංවා තිබේ
බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 25 ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර බඩඉරිඟු, උඳු, මුංඇට, කව්පි හා කුරක්කන් ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත කළ යුතු බවට ද මෙම ගැසට් නිවේදනයෙන් නියමක් පනවා තිබේ.