බේරුවල වරායේ උණුසුම් තත්වයක්

බේරුවල ධීවර වරාය ආශ්‍රිතව සිල්ලර මාලු වෙළදාමට අවසර දෙන ලෙස ඉල්ලා මාලු වෙළෙන්දන් උදඝෝෂණයක නියැලෙමින් සිටී.

උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ වරාය පරීශ්‍රය තුල මාලු වෙළදාමට අවසර නොදුන්නද නගරය ආශ්‍රිතව සිල්ලර මාලු වෙළදාමට අවසර ඇති බවයි.

පොලීසිය හා මහජන පරීක්ෂක මහතුන් ගැටලුව උද්ඝෝෂණයේ නියැලෙමින් සිටින පිරිස හා සාකච්ඡා කලද උද්ඝෝෂකයන්  පෙන්වා දුන්නේ ගැටලුවට ස්ථීර විසදුමක් නොලැබුනොත් උද්ඝෝෂණය දිගටම පවත්වාගෙන යන බවයි.

මේ අනුව සෞඛ්‍ය විද්‍යාතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී සිංහබාහු මහතා සඳහන් කළේ හෙට දින එනම් 22 සිට සෞඛ්‍ය ආරක්ෂිත නීතිරීති අනුගමනය කරවමින් මාලු වෙළදාමට අවසර ලබා දෙන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *