බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීම සති දෙකකින් කල්යයි

හෙට (01) දිනයේ සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමට බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ මාගරින් කිලෝවක් සඳහා අය කළ බදු මුදල රජය විසින් රුපියල් 200 සිට 600 දක්වා වැඩි කළ බැවින් ජනවාරි 1 වැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට තම සංගමය මුලින් තීරණය කර තිබූ බවයි.

මාගරින් වලට පැනවූ බදු මුදල අඩුකරන ලෙස රජයේ බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම තම සංගමය ඉල්ලීම් කර තිබෙන බවත්, ඒ සදහා රජය නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ජනවාරි මස මැද සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *