බෙලිඅත්තේ ඝාතනයට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකු සහ අපරාධය සඳහා පැමිණි අංක 65–2615 දරණ ජීප් රථය මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධය සිදු වන අවස්ථාවේ වාහනයේ රියදුරු වශයෙන් සිට ඇත්තේ ද මෙම සැකකරු බව අනාවරණය වී තිබේ.

මේ අතර, අපරාධය සැලසුම් කර ඇත්තේ ද මොහු බවට සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *