Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානම ලංකාවෙන් ඉවතට: ප්‍රදේශ කිහිපයකට වැසි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් තවදුරටත් ඉවතට ගමන් කරමින් පවතින අතර, එය නොවැම්බර් 17 වැනිදා වන විට චණ්ඩ සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 16 වැනිදා සවස නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව, පෙරවරු 11.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 620 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවතුණි.

මෙම පද්ධතිය එදින සවස් කාලය වන විට දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළි කුණාටුවක් (Cyclonic Storm) දක්වා තීව්‍ර වී, ඉන් අනතුරුව නොවැම්බර් 17 වැනිදා වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ කාලගුණ තත්ත්වය

  • වැසි වාර කිහිපයක්: බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

  • සවස් කාලයේ වැසි: ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

  • වියළි කාලගුණය: දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

ඔබේ අදහස