බූස්ස බන්ධනාගාර නිළධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර

බරපතල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සේවය කරන 120ක් පමණ වන නිලධාරීන් පිරිසට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදියර කිහිපයක් යටතේ විශේෂ පුහුණුවක් ලබාදීමේ කටයුතු අද(20) දිනයේ සිට සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ පුහුණුව දින 2 ක් , කාණ්ඩ 4 ක් යටතේ ලබාදීමට නියමිත අතර එහි පළමු කාණ්ඩයේ නිලධාරීන්ට ලබාදෙන පුහුණුව අද දිනයේදී ආරම්භ වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

දරුණු ඝණයේ අපරාධකරුවන් 50 කට අධික පිරිසක් මෙවනවිට බූස්ස බන්ධනාගාරයේ වෙන වෙනම සිර මැදිරිවල රඳවා සිටින අතර එම පිරිසට ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් හා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලබා දී ඇති පුහුණුව මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට ද ලබාදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *