බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් සොයාගත් දුරකථන හා උපාංග

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථන තුනක් සහ දුරකථන උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (8) අත් අඩංගුවට ගන්නා ලදි.

එම බන්ධනාගරයේ රෝහල හා ඒ අවට සිදු කළ මෙහෙයුමේදී සිමෙන්ති  හා පොටි කොට්ට තුළ ඉතා සූක්ෂමව සගවා තිබූ ජංගම දුරකතන තුන සහ ජංගම දුරකතන උපාංග සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දුරකතන හා උපාංග බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *