ඉකුත් සැප්තැම්බර් මස මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමට හේතු වී ඇත්තේ ඉදිකිරීමේදී ගනු ලැබූ වැරදි තීන්දු සහ ඊට යොදාගත් ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය නිසා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් පත් කළ කමිටුව තීන්දු කර තිබේ.
මව, පියා සහ දින 50ක් වයසැති බිලිඳෙකුද ජිවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල හිටපු බස්නායක නිළමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් ගොඩනැගිල්ලකි.
පිටු 24 කින් යුත් වාර්තාව කමිටු සාමාජිකයින් විසින් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදී ඇති අතර ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යුහය සම්බන්ධව ගැටළු රැසක් ඉන් අනාවරණය කරගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගත් වැරදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය එය කඩා වැටීමට හේතුවී ඇති බවට අනාවරණය වී ඇති බැවින් අදාළ ගොඩනැගිල්ල ඉදිකළ අය සම්බන්ධව අධිකරණය මගින් ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇති බවයි.