බිබිල පාසලේ ගුරු හිඟයකට එරෙහිව සිසුන් විරෝධතාවක.

බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුන් අද විරෝධතාවක නිරත වුණා.

මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය වටලා තිබුණා.

කලක සිට පවතින ගැටළුව මුල්කර ගනිමින් සිදු කළ විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස බිබිල – මොනරාගල ප්‍රධාන මාර්ගය පැය 05කට ආසන්න කාලයක් අවහිර වුණා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් විජේතිලක කියා සිටියේ සිසුන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡාවක් පවත්වා ගැටළුව විසඳීමට කටයුතු කරන බවයි.

Pic : Dasatha Lanka News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *