මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පෙබරවාරී 18 හා 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.
මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාරක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමට අනුව ආණ්ඩු පක්ෂය ඒ සදහා දින දෙකක් ලබා දීමට එකගත්වය පළ කර තිබේ. විවාදයට පැවැත්වීමට පෙර එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබා දෙන ලෙස මන්ත්රීවරුන් ඉල්ලා සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.
ඒඅනුව දැනට සී.ඩී තැටියක ලබා දී ඇති එම වාර්තාවේ පිටපත් ඡායා පිටපත් කර මන්ත්රීවරුන් වෙත ලබන පෙබරවාරි මුල් සතියේ ලබා දෙන ලෙසද මෙහිදී මන්ත්රීවරු ඉල්ලා තිබේ.