බස්නාහිර පාසැල් වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම කෙරෙහි අවාධානය

බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි අදියරෙන් අදියර ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීරණයකට සති අන්තයේ පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටිනවා.

බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු මේ වනවිට පවත්වන්නේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් වන අතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවත්වා විවෘත කළ හැකි අනෙකුත් ශ්‍රේණි පිළිබඳව තීරණයක් ගන්නා ලෙසයි මේ වනවිට දැනුම් දී ඇත්තේ. ඒ අනුව පොදු තීරණයක් නොමැතිව, පාසල් බලධාරින්ට අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීමට හැකියාව ලැබෙන අතර, ප්‍රාථමික අංශද කඩිනමින් විවෘත කිරීමද මෙහි අරමුණයි.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ පෙබරවාරි 15 ට පෙර ආරම්භ කළ හැකි බස්නාහිර පාසල්වල අනෙකුත් ශ්‍රේණි පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *