බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 20ක ජල කප්පාදුවක්

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

හෙට (13) පෙරවරු 10.00 සිට බදාදා (14) පෙරවරු 06.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, අරුව්වල, රත්මල්දෙණිය ප්‍රදේශ, මහරගම – පිළියන්දල පාර, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර සහ එම ප්‍රදේශවල අන්තර් සම්බන්ධිත සියලුම මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *