බන්ධනාගාර පරිශ්ර තුළ හා ඉන් පිටත සිදුවන අක්රමිකතා පිළිබඳ විමසිලිමත්වීම සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීමට සැලසුම්කර තිබේ.
පසුගිය (20) සිට එම කැමරා පද්ධති සවිකිරීම් කටයුතු ආරම්භකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල යන පරිශ්රයන් ආවරණය වන පරිදි එම කැමරා සවිකිරීමට සැලසුම්කර තිබේ.
ඊට අමතරව කළුතර, මහර හා මීගමුව බන්ධනාගාරවලද ආරක්ෂක කැමරා පද්ධති යුද හමුදා සම්පත් දායකත්වය මගින් සවිකිරීමට නියමිතය.
එහි මුල් අදියර කළුතර බන්ධනාගාරයෙන් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.