බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 3ක්, 116ක් නිරෝධායනයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කැන්දගොල්ල, පස්සර සහ මහියංගණය යන ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන තිබේ. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් බවට වාර්තා වේ.

නිවාඩු ලබා තම නිවෙස් වලට පැමිණ නැවත සේවයට ගිය අවස්ථාවේදී ඔවුන් සදහා කරනු ලැබූ පරීක්‍ෂණවලදී ආසාදිතයන් බවට තහවුරු වී ඇත. එමෙන්ම ඔවුන් සමීපව ආශ්‍රය කළ 116ක් දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *