බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක්

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුලු සේවකයන් ඊයේ (2) පස්වරුවේ සිට වැඩවර්ජනයක නිරතව සිටියි.

බදුල්ල කොළඹ අතර ඒකාබද්ධ කාලසටහනට අනුව ධාවනය වන පෞද්ගලික බස්රථ ශ්‍රී ලංගම බදුල්ල ප්‍රධාන බස්රථ නැවතුම්පොළ තුලට ඇතුලු නොකර පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ නවතා නියමිත  ඒකාබද්ධ කාලසටහනට  අනුව ධාවනය කරවන ලෙසට ඉල්ලා බදුල්ල ඩිපෝවේ සේවකයන් මෙසේ වැඩවර්ජනයක නිරත වූහ .

බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළට ලගාවූ බදුල්ල ඩිපෝවේ සියලුම ශ්‍රී ලංගම බස්‍ රථ මගීන් බස්සවා නියමිත ගමන් වාර නොගොස් බස්රථ සියල්ල බදුල්ල ඩිපෝවට රැගෙන ගොස් ගාල්කර තබා රියදුරන් , කොන්දොස්තරවරුන් මෙසේ ඊයේ(2) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත ව සිටිති .

මේ නිසාවෙන් නිසාවෙන් සවස කාර්යාල නිමවී යන පිරිස් මෙන්ම අනෙකුන් උදවියද, වාරප්‍රවේශ පත් ගත් උදවියද දැඩි අපහසුතාවට පත්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *