බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඇයට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ බව තහවුරු වී ඇති බවයි.

එම නිළධාරිනියගේ ස්වාමිපුරුෂයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ පිරිසකටද “ඇන්ටිජන්” පරීක්ෂණ කෙරිණ.

ප්‍රතිපළ අනුව කාර්යය මණ්ඩලයේ සෙසු අයට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු වී ඇත.

කෙසේවෙතත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව බද්දෙගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඒ. පී. ගුණවර්ධන සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *