බංග්ලාදේශයේ ළමා විවාහ සදහා සූදානම් කර සිටි දැරියන් 6 දෙනකු එරට බලධාරීන් විසින් මුදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම දැරියන්ගේ දෙමාපියන්ට දඩ නියම කර ඇති අතර ඔවුන් නිසි වයසට එනතුරු විවාහ නොකරන බවට බංග්ලාදේශ රජය සමග පොරොන්දු පත්‍ර අත්සන් කරන්නට ද එම දෙමාපියන්ට සිදුවී ඇත.
බංග්ලාදේශ නීතිය අනුව විවාහ වන වයස අවුරුදු 18ක් වේ.
එහෙත් ආසියාවේ ළමා විවාහ වැඩියෙන්ම සිදුවන රට බංග්ලාදේශයයි.