පෝට් සිටියේ බලපත්‍ර ගාස්තු ප්‍රකාශයට පත් කරයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අදාළ රෙගුලාසි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 2022 මැයි මාසයේදී වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමට සාමාජිකයින් 07 දෙනෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා.

කොමිෂන් සභාවට අදාළ ගැසට් නිවේදනය බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීමේ රෙගුලාසි (ගාස්තු) සහ කොමිෂන් සභාවට අදාළ අනෙකුත් සේවාවන් සම්බන්ධ වේ.

එමගින්, බලයලත් පුද්ගලයෙකු සඳහා අයදුම්පත් ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2500 ක් වන අතර වාර්ෂික ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2000 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *