පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය හිස් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“පක්ෂයේ විධායක සභාව කැඳවලා තිබුණා. එහිදී ගතයතු තීන්දු තීරණ සහ දේශපාලන මණ්ඩලයක් පත්කළා.”

ප්‍රශ්නය – ප්‍රවෘත්තියක් යනවා බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා කියලා ජාතික සංවිධාකය ධුරයෙන් ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“නෑ. එතුමා පක්ෂ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහටත් කරනවා. දේශපාලන මණ්ඩලයත් නියෝජනය කරනවා. ඉතින් ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට ආවා. ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු අපි පත්කරගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *