පොලිස් සේවයේ ප්‍රමාද වී තිබූ උසස්වීම් ලබා දීමට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 200 ක්, සහකාර පොලිස් අධිකාරීන් ලෙස උසස් කිරීමට නියමිතයි.
මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ එරික් පෙරේරා මහතා මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස අද එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. මීට ඉහතදී වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ ඔහුගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ස්ථාන මාරු කරන ලෙසට පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙක් ඉල්ලීම් කර තිබුණි.