පොලිසියේ 20ක් ඉන්දියාවට

සයිබර් අපරාධ විමර්ශන සහ කෘත්‍රිම බුද්ධි පාඨමාලාවක් සදහා පොලිස් මූලස්ථානයේ 20 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් දා ඉන්දියාවේ හයිද්‍රාබද් නුවර බලා පිටත් වූහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 2 ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙක් ඇතුළු 20 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ‘සෙන්ටර් ඩිටෙක්ටිව් ට්‍රේනින්‘ ආයතනය යටතේ මෙම පාඨමාලාව හදාරති.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම පාඨමාලාව සදහා එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *