පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍ය බැවින් එම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මැයි මස 11 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරි නිවාඩු සහ හිඟ විවේක අවලංගු කළ අතර පවතින තත්ත්වය හේතුවෙන් නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කළ බව අජිත් රෝහණ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *