පොල්ගොල්ල, මහවැලි වේල්ලේ ජලය අද (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට සිදුවන බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ වාර්ෂික නඩත්තු වැඩසටහන හේතුවෙන් මෙලෙස ජලාශය හිස් කිරීමට සිදුව ඇති බවයි. එබැවින් ජලාශයේ පහළ කොටසේ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසටයි කාර්ය භාර ඉංජිනේරුවරයා ඉල්ලා සිටින්නේ.
අතුල පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ මෙම කටයුත්ත 12 වැනිදා පාන්දර සිට 13 වැනිදා දක්වා සිදු කිරීමට බලාපොරෙත්තු වන බවත්, ඉන් අනතුරුව ජලාශය නැවත පිරවීමට කටයුතු කරන බවත්ය.