මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ අම්බලන්ගොඩ පොන්නදූව නිවසට ඊයේ(14) අලුයම් කාලයේදී වෙඩි තබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ටී පනස්හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි දහයක් පමණ තබා ඇති බවද පොලීසිය කියයි. නිවසේ ප්‍රධාන ගේට්ටුවට,තාප්පයට හා නිවසේ දොර ජනෙල්වලට මේ වෙඩි ප්‍රහාරය එල්ල්වී ඇති බව ද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමක්බ වත් මේ වෙඩි ප්‍රහාරය ඊයේ උදේ(14) අලුයම 3.15ට පමණ සිදුව ඇති බවද් පොලීසිය කියයි.