ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය නතර කර ඇතත් පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන තෝරාගත් වාහන සඳහා ආනයන සීමා කිරීම් කඩිනමින් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රුවන්වැල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොදු ප්‍රවාහනයට යොදා ගන්නා ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය කිරීමට පනවා ඇති සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් මේ සතියේ නිකුත් කරන බවයි.
මේ වන විට රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.