හෝමාගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ලබා ගනිමින් සිටියදී 51 හැවිරිදි ග්‍රාම නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හෝමාගම, පිටිපන දකුණ, සුවපුබුදුගම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා බව පොලිසිය පවසයි.
හෝමාගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකගෙන් කිසියම් අයෙකු දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවට හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
සැකකරු කප්පම් මුදල ලබා ගනිමින් සිටියදී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කප්පම් ගැනීම සඳහා පැමිණි යතුරුපැදිය, ජංගම දුරකථන දෙකක් සහ ග්‍රාම නිලධාරී හැඳුනුම්පත පොලිස් භාරයට ගෙන ඇත.