ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් 2023 ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් අනුරාධපුරයේදී අද අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන්ට ආගමික සහජීවනය කඩාකප්පල් කළ හැකි සහ බුදුදහමට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ.