Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පිළිගත් දේශපාලන පක්ෂ ගණන 87 දක්වා ඉහළට: නව පක්ෂ 3 කට මැතිවරණ කොමිසමේ අනුමැතිය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2026 ඔක්තෝබර් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා නිල වශයෙන් පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අලුතින් පිළිගනු ලැබූ එම දේශපාලන පක්ෂ තුන පහත පරිදි වේ:

  • අපේ ජනතා පෙරමුණ (Our People’s Front)

  • තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් (Thamil Makkal Viduthalai Pulikal)

  • දෙමළ ජාතික හරිත සංවිධානය (Tamil National Green Organization)

මෙම නව ඇතුළත් කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(5) උපවගන්තියේ විධිවිධාන යටතේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඔබේ අදහස