පාසැල් දරුවන්ගේ නිල ඇඳුම් වවුචර් පත අත්හිටුවීමට තීරණය කෙරේ

පාසැල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත ලබාදීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව ඉදිරියේදී නිල ඇඳුම් වවුචර් පත වෙනුවට යළිත් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. මෙම නිල ඇඳුම් රෙදි දේශීය කර්මාන්තකරුවන්ගෙන් පමණක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *