පාස්ටර් ජෙරොම්ගේ දෙමාපියන් භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයදියි

බුද්ධාගමට නිග්‍රහ කළ බවට චෝදනා කරමින් පසුගියදා ආන්දෝලනයක් ඇති කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ දෙමාපියන් තම පුතා වෙනුවෙන් සමාව අයැද සිටිනවා.

තමන් අනාගතවක්තෘවරයෙකු ලෙස හඳුන්වා ගන්නා ජෙරොම් දේවගැතිවරයාගේ දෙමාපියන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් හමුවී බුදුදහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන භික්ෂූන් වහන්සේලාට කෘතඥතාව පළ කළ ඔවුහු ජෙරොම් දේවගැතිවරයා බුදුදහමේ ඉගැන්වීම් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බව ඔවුන්ට දන්වා සිටියහ.

බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජෙරොම් දේවගැතිවරයාට සමාව දිය හැකි බව සෝභිත හිමියෝ පිළිගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *