පුද්ගලයින් 268කට පමණ මරු කැදවමින්, 500 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කරමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනි දින මෙරට සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය විසින් අධි චෝදනා ගොනුකර තිබේ. ඒ අනුව මොහමඩ් නූෆර්, මොහොමඩ් අන්වර්, අහමඩ් මිල්හාන් යන පුද්ගලයින් තිදෙනාට මෙම චෝදනා එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් මියගිය 268 දෙනා අතරට අමෙරිකානු ජාතිකයින් 5 දෙනෙකුද ඇතුලත් වේ. ඒ අනුව ඇමෙරිකානු නීතිඥයන් පවසන්නේ ලෝකයේ ඕනෑම ස්ථානයකදී අමෙරිකානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඊට එරෙහිව යුක්තිය ඉටුකරන බවට සහතික කිරිම තම රටේ ප්‍රධාන අරමුණ බවයි.