පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. මෙහි පළමු අතුරු වාර්තාව ඉකුත් දෙසැම්බර් 20 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණි. කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරේ.
2020-03-03