රජයේ සියලු පාසල්වල දෙවන වාරය ඊයේ ආරම්භ විය. එදින පැමිණීමට නියමිතව සිටි සිසුන්ගෙන් සියයට අනූවක් පමණ පාසල් වෙත පැමිණ සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීම නාගරික පාසල්වල සිසුන්ගේ පැමිණීමට වඩා මෙදින ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව කී අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
2021-04-20