පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරක් පුරා විවිධ ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා තෙවන පාසල් වාරය නොවැම්බර් 9 දින ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ තෙවන පාසල් වාරය නොවැම්බර් 9 දින ආරම්භ කිරීමට අවශ්‍ය නිර්දේශ ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති පසුබිමකයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය මත පාසල් විවෘත කිරීමේ සුදුසු වාතාවරණයක් නොමැති බවයි. කෙසේ වෙතත් දෙවන වාරයේ පාසල් විවෘත කිරීම සඳහා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබුණු පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *