පාසල්වලට විදුහල්පති පත්වීම් 4,718ක්

විදුහල්පති හිඟය මඟහරවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් මස මුලදී පාසල් සඳහා විදුහල්පති පත්වීම් 4,718ක් පැවරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගුරු උපදේශක සේවයේ පවතින විෂමතා ඉවත් කරමින් ගුරු අධ්‍යාපන සේවයේ පුරප්පාඩු 705ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පිරවීමට කටයුතු කරන බවයි.

ලබන ජනවාරි මාසය වනවිට සමස්ත අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාවයන් ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන පරිවර්තනයේ ව්‍යුහාත්මක වෙනස්කම්වලට අනුගත වීමට සැමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *