පාර්ලිමේන්තු සැසිවාරයේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ නිලධාරීන්ට අපහාස නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා.
“අධිකරණ නිලධාරීන්ට අපහාස නොකරන ලෙසත්, අධිකරණයේ දෙන තීන්දුවලට අභියෝග නොකරන ලෙසත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කළ හැක්කේ ස්ථාවර නියෝගවලට අනුව අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම සාධනීය යෝජනාවකින් පමණක් යොමු කරන ලෙසයි. මෙම ස්ථාවර නියෝගය තහවුරු කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රකාශය සිදු වන්නේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරන විට අධිකරණයට සහ අධිකරණ නිලධාරීන්ට අපහාස වන අයුරින් කටයුතු කළ බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් කර දින කිහිපයකට පසුවය.