වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව කී මහාචාර්යවරයා මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද සඳහන් කළේය.